කොදෙව් කණ්ඩායම සමඟ පැවත්වෙන තරගාවලියේ ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානකට හිමිව ඇති බව වාර්තා වනවා.
පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල ලසිත් මාලිංග කොදෙව් සංචාරයට එක් නොවීම හේතුවෙන් මෙලෙස දසුන් ශානකට නායකත්වයේ වගකීම පැවරීමට තේරීම් කමිටුව කටයුතු කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
දසුන් ශානකගේ නායකත්වයෙන් පාකිස්ථානයට එරෙහිව පැවති පන්දුවාර විස්ස තරගාවලිය 3ට බිංදුවක් ලෙස ජයගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.
එමෙන්ම එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්රී ලංකා 20යි 20 කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ඔහුට පැවරී ඇති බවයි වාර්තා වන්නේ.(Daily Sports)
Be First to Comment