එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් තරග සංචාරයේ ශ්රී ලංකා ක්රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
හිටපු වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු පුද්ගලික හේතුන් මත ඉවත්වීමෙන් පසුව චමින්ද වාස්ට එම අවස්ථාව ලබා දෙමින් කොදෙව් සංචාරයට එක් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනට තීරණය කළා.
කෙසේ වෙතත්, තරගාවලිය සඳහා හෙට (23) කණ්ඩායම පිටත්ව යාමට තිබියදී මෙලෙස වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එයට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ 2021 මාර්තු 26 දිනෙන් පසුව ඔහු ක්රිකට් සම්බන්ධ සියළු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබීමයි.(Daily Sports)
Be First to Comment