ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් එළිදැක්වීමේ උත්සවය පෙරේදා (21 දා) රාත්‍රී වාද්දුව තල්පිටිය The Fisherman villa හෝටලයේදී පැවැත්වුණා.
එහිදී නිවුන් කනිෂ්ඨ කණ්ඩායම සහ නිවුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් හඳුන්වා දුන් අතර, නිවුන් ක්‍රිකට් සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා.
එම සංගමයේ නිර්මාතෘවරියන් වන උපුලි ගමගේ සහ චමලි ගමගේ යන මහත්මීන්ගේ උත්සවය පැවැත්වූ අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දිවයිනේ ප්‍රධාන ව්‍යවසායකයෙක් වන ෆාස්ට් රීසයික්ලීන් ආයතනයේ සභාපති අනිල් බණ්ඩාර මහතා සහභාගි වුණා. (Daily Sports)


Be First to Comment