දසුන් ශානක, බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කිරීමට ඇති වුණ ගැටලුවක් හේතුවෙන් කණ්ඩායම සමඟ අද පිටත් වී නොමැති බව වාර්තා වනවා.
එය ඔහුගේ වීසා බලපත්රය සම්බන්ධ ගැටලුවක් බවටයි වාර්තා වන්නේ.
ඔහුගේ විදේශ ගමන් බලපත්රය නැතිවීම හේතුවෙන් දසුන් ශානක මෙම ගැටලුවට මුහුණ දී ඇති බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
වීසා බලපත්රය ලබා ගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර ගැටළුව විසඳූ වහාම ඔහු කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙවර කණ්ඩායමේ නායකත්වය දරන්නේද ඔහු විසිනුයි. (Daily Sports)
Be First to Comment