Press "Enter" to skip to content

විස්සයි විස්ස නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්ස කිි‍්‍රකට් තරගාවලියේදි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇති බව වාර්තා වෙනවා.

ඒ නිත්‍ය නායක දසුන් ශානකගේ වීසා ගැටලූවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන්.

වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් මත දසුන් ශානකට සෙසු කී‍්‍රඩකයින් සමඟ කොදෙව් සංචාරයට එක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

2018 වසරේදී දසුන් ශානකගේ විදේශ ගමන් බලපත‍්‍රය අස්ථාන ගත වී ඇති අතර මේ හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබෙනවා.

එහි වසර 5ක් සදහා අමෙරිකානු වලංගු වීසා ඇතුළත්ව තිබූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

තරග 3කින් සමන්විත කොදෙව් – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 4 වැනිදා ඇන්ටිගුවා හිදි පැවැත්වීමට නියමිතයි. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *