Press "Enter" to skip to content

ජස්ප්‍රිට් බුම්රා එක්දින තරගාවලියෙන් ඉවතට. විස්සයි විස්සත් අහිමි වෙයි

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමි විය හැකි බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

එංගලන්තයට එරෙහිව පැවැති 3වන ටෙස්ට් තරගයෙන් පසු ජස්ප්‍රිට් බුම්රා පෞද්ගලික හේතුවක් මත ඉන්දිය සංචිතයෙන් ඉවත්ව තිබෙනවා.

ඒ අනුව ඔහු යළි ජාතික කණ්ඩායමට පැමිණීම අපේක්ෂා කළ කාලයටත් වඩා වැඩි වනු ඇති බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහි ව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වෙනවා.

එමෙන්ම දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියෙන් ද ඔහුව විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙනතීරණය කර ඇති බව සඳහන්.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *