Press "Enter" to skip to content

සචිත්‍රගෙන් වත්කම් බැරකම් වාර්තාවක් ඉල්ලයි

සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් දින 14ක් තුළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත ලබාදෙන ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට එම ඒකකය විසින් දැනුම් දී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු ක්‍රීකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ඊයේ (04) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියා.

ඔහු එහිදී පැය 08ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, වත්කම් බැරකම් අනුව ඉදිරි විමර්ශන සිදුකෙරෙන බවයි. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *