සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (06) පැවැති දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි කරගත්තා.
පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 160ක්.
මෙහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස්කළ අතර නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කරගත්තා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 17ක් ලබා දෙමින් කොදෙව් කඩුලු 03 බිඳ දැමීමට සමත්වුණා.
අකිල ධනංජය ලකුණු 13ක් ලබාදී එක් කඩුල්ලක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන් පන්දුවාර ලකුණු 10කට කඩුලු 03ක් දවාගනු ලැබුවා.
මෙහිදී ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන් කඩුලු 08ක් බිඳහෙළීම විශේෂත්වයක්. (Daily Sports)
Be First to Comment