Press "Enter" to skip to content

ප්‍රංශය හරහා දසුන් ශානක කොදෙව් සංචාරයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් කෙරුණු දසුන් ශානක හෙට දිනයේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා පිටත් වීමට නියමිතයි.

ඇමරිකානු වීසා පිළිබඳ ගැටළුවක් හේතුවෙන් ඔහුට මීට පෙර කොදෙව් චාරිකාවට එක්වීමට නොහැකි වුණා.

ඒ නිසා දසුන් ශානකට සහභාගිවීමට සිදුවන්නේ එක්දින තරගාවලියට පමණයි.

මෙහිදී වීසා ගැටළුව මගහැරීම සඳහා ඔහු හෙට කොදෙව් බලා යන්නේ ප්‍රංශය හරහායි.

ඔහු නොමැතිවීම නිසා ශ්‍රී ලංකා විස්සයි විස්ස පිල මෙහෙයවූයේ ඇන්ජලෝ මැතිව්ස්. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *