Press "Enter" to skip to content

කොදෙව් ලෙජන්ඩ්ස් පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ජය හිමිකරගනී

බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා කඩුලු 05ක ජයක් හිමි කරගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ, Road Safety World Series ක්‍රිකට් තරගාවලියේදීයි.

මෙහිදී පළමුව පන්දුවර පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ, කඩුලු 04ක් දැවී ලකුණු 157ක් පමණයි.

අනතුරුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 160ක් රැස් කරමින් ජයග්‍රහණය හිමි කරගත්තා.

එහිදී උපුල් තරංග නොදැවී ලකුණු 53 ක් සහ නායක තිලකරත්න ඩිල්ශාන් ලකුණු 47ක් ලබාගැනීමට සමත් වුණා.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *