Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෘත්තිකයන් වෙනුවෙන් ඔලිමිපික් කමිටුවෙන් සම්මාන උළෙලක්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෘත්තිකයන් හා ක්‍රීඩා සංවිධාන ඇගයෙන ක්‍රීඩා සම්මාන උළෙලක් පැවැත්වීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානම් වෙනවා.

ඒ සඳහා ලබන සඳුදා (15) දක්වා අයැඳුම්පත් කැඳවීම සිදු කෙරෙනවා.

මෙහිදී කාණ්ඩ 11 ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි.

ඒ අතර විශේෂත්වයක් ගත්තේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ඇගයීමට ලක්වන 2021 ඔලිම්පික් දේශීය කාන්තාව තෝරා ගැනීමයි.

මේ සඳහා Natolcomesit.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදු කෙරෙනවා.

ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ දුරකථන අංක 0112684420 ඔස්සේ ඇමතීමෙන් ද මෙම සම්මාන ප්‍රදානය පිළිබඳව වැඩි තොරතුරු ලබාගත හැකියාව පවතිනවා.

ඔලිම්පික් ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය ඇතුළත් සම්මාන කාණ්ඩ

  • වසරේ ප්‍රවීණතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව
  • වසරේ ක්‍රීඩා පරිපාලන නිලධාරියා
  • වසරේ පුහුණුකරු
  • වසරේ මාධ්‍යවේදියා හෝ ලේඛකයා
  • වසරේ අනුග්‍රාහකයා
  • වසරේ ශාස්ත්‍රඥයා
  • වසරේ ජාතික ක්‍රීඩා සංගමය හෝ සංවිධානය
  • වසරේ ජාත්‍යන්තර සම්මේලනය හෝ සංවිධානය
  • වසරේ ඔලිම්පික් මහද්වීපික සංගමය හෝ සංවිධානය
  • වසරේ ක්‍රීඩා සමාජය
  • ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිර්දේශ කරන ජාතික ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා සංවිධානය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *