ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල ප්රදානය කෙරෙන ‘ගැලැක්සි’ වොලිබෝල් ලීග් (වයස 25න් පහළ) තරගාවලිය අද (16) ආරම්භ වෙනවා.
ඒ, ගාල්ල දඩල්ල වොලිබෝල් පියස ගෘහස්ථ ක්රීඩාංගණයේදීයි.
මෙම තරගාවලියේ මූලික වටය 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 8ක් හා කාන්තා කණ්ඩායම් 10ක් සහභාගි වනු ඇති.
කාන්තා තරගාවලියේ මූලික වටය කැෂුවලයින් කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ කෙරෙනවා.
මෙම වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි තරග ජයග්‍රාහී කණ්ඩායම් දෙක සඳහාම රුපියල් මිලියනයක් බැගින් ත්‍යාග මුදල් ප්රදානය කිරීමට නියමිතයි.
අනුශූරතා හා තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් සඳහා ද රුපියල් ලක්ෂ පහක් හා රුපියල් ලක්ෂ දෙකක් බැගින් මුදල් ත්‍යාග ප්රදානය කිරීමට කටයුතු යොදා තිබෙනවා. (Daily Sports)
Be First to Comment