ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් උපදේශක පින්ලන්ත ජාතික ඔයිලන්ඩ් රම්ඩෝ මහතා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් අදියර 6-1 පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් වෙනවා.
ඒ සඳහා අයැදුම්පත් බාරගැනීම මේ මස 28 වෙනිදා දක්වා සිදු කෙරෙනවා.
දින පහක් පුරා පැවැත්වෙන පුහුණු පාඨමාලාව ලබන අප්‍රේල් 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙහිදී වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ලෙස දැනට කටයුතු කරන අයැදුම්කරුවන් සිය ජීවදත්ත සඳහන් අයැදුම්පත් ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.
සම්මුඛ පරීක්ෂණයකින් පසුව පාඨමාලාව සඳහා අයැදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතයි.
Be First to Comment